
ඔස්ට්‍රේලියාවේ සෑම පවුල් හතරෙන් එකක් ආහාර අනාරක්‍ෂිතතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
විශේෂඥයින් පෙන්වා දෙන්නේ ආහාර අනාරක්‍ෂිතතාව මෙරට තුල සැගවුණු ගැටලූවක් බවයි.
ආහාර සුරක්ෂිතතාව පිළිබඳ දත්ත නිතිපතා ගණනය කිරීම් සිදු නොවන අතර අදාළ ගණනයන් නිසි පරිදි සිදුවන්නේ නම් එම අගයන් තවදුරටත් ඉහළ මට්ටමක පවතිනු ඇති බවට විශ්වාස කල හැකි බවයි විචාරකයන් පවසන්නේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය ආහාර සුරක්ෂිතතාව පිළිබද මේ වන විට ලබාගෙන ඇති දත්ත වසර 10 කටත් වඩා පැරණි බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන් ගර්භණී කාන්තාවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු ආහාර හිගකම හේතුවෙන් කුසගින්නෙන් පසුවන බව ද සදහන්.

කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය සෑම වසරකට වරක් ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් සමීක්ෂණ සිදු කරන අතර කැනඩාව සෑම වසර දෙකකට වරක් අදාළ දත්ත අලූත් කරනු ඇති.
2030 වන විට ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයක් සකස් කිරීම පිලිබද යෝජනාවක් ෆෙඩරල් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර තිබෙනවා.