Search

පොදු රාජ්‍ය ක්‍රීඩා ඉවත්වීම ගැන ඇන්ඩෲස්ට අඛණ්ඩ චෝදනා

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සත්කාරකත්වයෙන් ඉවත්වීම පිළිබද සෙනෙට් කමිටු කරුණු විමසීමට එක් වෙමින් වික්ටෝරියා හී ප්‍රමුඛ පෙළේ ක්‍රිඩා සම්මේලනයක් වන VicSport ආයතනය හිටපු අගමැති ඩැනියෙල් ඇන්ඩෘස් ගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනයට ලක් කර තිබෙනවා.

සාමාජිකයින් මිලියන 3.9 කට අධික පිරිසක් මෙන්ම ක්‍රීඩා ආයතන 16,000 කින් සමන්විත වන VicSport ආයතනය පෙන්වා දෙන්නේ ක්‍රීඩා උළෙල අවලංගු කිරීමට ගත් තීරණය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුලූ පුහුණුකරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණයක් බවයි.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙලෙස ජාත්‍යන්තර ක්‍රීඩා උළෙක් අවලංගු කිරීම සමස්ථ රටටම සෘණාත්මක බලපෑමක් එක් කරන බවයි.

හිටපු අගමැති ඩැනියෙල් ඇන්ඩෘස් පෙන්වා දී තිබුණේ ඇස්තමේන්තුගත මිලට සාපේක්ෂව පිරිවැය අධික වීම හේතුවෙන් 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අවලංගු කිරීමට පියවර ගත් බවයි.

කෙසේ වෙතත් VicSport සම්මේලණය පෙන්වා දී ඇත්තේ පිරිවැය ඉහළ යෑම පිළිබද අදාළ තක්සේරු නිකුත්වීමත් සමග ක්‍රීඩා උළෙල පැවැත්වීමට සුදුසු වෙනත් නගරයක් තොරා ගැනීමට ක්‍රියා නොකිරීම ගැටලු සහගත බවයි.

කෙසේ වෙතත් 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීමට ගෝල්ඩ් කෝස්ට් නගරය සූදානම් නම් ඊට අවශ්‍ය සහයෝගය ලබා දිමට වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් එකගතාව පල කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයක ගාස්තු වැඩි වෙයි

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයකදී වැය කිරීමට සිදුවන මුදල්වල විශාල වෙනස්කම් රැසක් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »