සිඩ්නි නගරයේ OPAL කාඩ්පත් භාවිත කරන පාරිභෝගිකයින් හට අද සිට සෑම සිකුරාදා දිනයකදීම ගාස්තු පහළ දමා තිබෙනවා.
ඒ අනුව අද සිට සෑම සිකුරාදා දිනකම පොදු ප්‍රවාහන සදහා OPAL කාඩ්පත් භාවිත කරන්නන් හට සියයට 30 ක වට්ටමක් හිමි වනු ඇති.
මධ්‍යම දුම්රිය ස්ථානය දක්වා ගමන් ගන්නා ඇතැම් මගීන් සදහා වු නියමිත ගාස්තුව ඩොලර් 5.72 සිට ඩොලර් 04 දක්වා අඩු වන බවයි වාර්තා වන්නේ.
සෑම සිකුරාදා දිනකම වැඩිහිටියන් හා ළමුන් සදහා අයවන මිල ද හරි අඩකින් පහළ දමා ඇති අතර උපරිම වැඩිහිටි ධච්ක ගාස්තුව ඩොලර් 8.90 කට සීමා වනවා.
ළමුන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් හට අය කරනු ලබන උපරිම ගාස්තුව ඩොලර් 4.45 ක්.
ප්‍රවාහන අමාත්‍ය ජෝ හේලන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ OPAL කාඩ්පත් සහනය සිඩ්නි නගරය ගෝලීය නගරයක් බවට පත්කිරීමේ ක්‍රියාවලියේ එක් කොටසක් බවයි.
පසුගිය සෙනසුරාදා සිට OPAL ගාස්තු සියයට 3.7 ක ඉහළ යෑමක් සිදුවු අතර නව සහනය හේතුවෙන් මගීන් වැඩි වශයෙන් සිකුරාදා දින පොදු ප්‍රවාහන භාවිත කරනු ඇති බව ප්‍රාන්ත බලධාරීන් අපේක්ෂා කරනවා.