
ඊශ්‍රායලයෙන් ඉවත් කරගනු ලැබූ ඔස්ට්‍රේලියානුවන් රැගත් 03 වන ගුවන් යානයද සිඩ්නි ගුවන් තොටුපළට ළගාවී තිබෙනවා.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් එම විශේෂ යානය අද පෙරවරු 06.30 ට පමණ ගොඩබස්වනු ලැබූ බව සඳහන්.
ඔස්ට්‍රේලියානුවන්ට අමතරව තවත් රටවල් කිහිපයක පුරවැසියන්ද මෙහි පැමිණ තිබුණා.

මේ අතර ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසටද විදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඔස්ට්‍රේලියානුවන්ට දන්වා සිටිනවා.
ආසන්නම ගුවන් යානයෙන් එරටින් ඉවත් වන ලෙසයි දැනට ලෙබනනයේ සිටින 15,000 කට ආසන්න ඔස්ට්‍රේලියානුවන්ට දන්වා ඇත්තේ.
