දුම්වැටි අසුරණවල ඇතුළත් සෞඛ්‍යමය අවවාද මත්පැන් බෝතල්වලටත්

දැනට දුම්වැටි අසුරණවල ඇතුළත් සෞඛ්‍යමය අවවාද මත්පැන් බෝතල්වලද ප්‍රදර්ශනය කිරීම කෙරෙහි ෆෙඩරල් රජයේ අවධානය යොමුවී තිබෙනවා.

2021-2022 කාලසීමාවේදී ඔස්ටේ්‍රලියාව තුළ සිදුවූ ඇල්කොහොල් ආශ්‍රිත මරණ සංඛ්‍යාව සියයට 10 කින් පමණ ඉහළයාම සැළකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මීට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ෆෙඩරල් රජය විසින් දැනටමත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අදහස් හා යෝජනා ද විමසා තිබෙනවා.

ගර්භණී සමයේදී මත්පැන් භාවිතය මගින් සිදුවන බලපෑම පිළිබඳ අවවාදාත්මක නිවේදන ප්‍රදර්ශනය ලබන පෙබරවාරි පළමුනදා වනවිට සිදුකල යුතු බවට මත්පැන් නිෂ්පාදන සමාගම් වෙත දැනටමත් දැනුම්දී අවසන්.

එම යෝජනාවට කැමති බවට සියයට 78 ක පිරිසක් සමීක්ෂණයකදී අදහස් දක්වා තිබුණා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »