Search

මෙල්බන් වල සිටින ලංකාව ඉහළටම ඔසවා තැබූ තරුණ පිහිණුම් ශූරයා

මේ වනවිට මෙල්බන් නුවර වාසය කරන ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිලාභී පිහිණුම් ශූරයෙකු පිළිබඳ AusLanka TVහරහා අද තොරතුරු ඉදිරිපත් කෙරෙනවා.

ඔහු දැනට 16 හැවිරිදි වියෙහි පසුවන තරුෂ පෙරේරා.

ඔස්ට්‍රේලියාවේදී මෙන්ම ශ්‍රී ලංකාවේදී පැවති පිහිණුම් තරගාවලි රැසකදී ඔහු දක්ෂතා දක්වා පදක්කම් දිනා තිබීම විශේෂත්වයක්.

පසුගිය ජනවාරි මාසයේදී පැවති Australian Open Water Championships ශූරතාවලියේ කිලෝමීටර් 05 පිහිණුම් ඉසව්වේ ඔහුගේ වයස් කාණ්ඩයේ සමස්ත ඔස්ට්‍රේලියාවෙන් 17 වන ස්ථානය දිනා ගැනීමට තරුෂ සමත්වුණා.

Busselton හිදීයි මෙම තරගාවලිය පැවැත්වුණේ.

පසුගිය සතියේ පැවති 2023 Queensland OW Championships තරගාවලියේදී කිලෝමීටර් 7.5 ඉසව්වේ 03 වන ස්ථානය දිනා ගැනීමටත් තරුෂ පෙරේරා සමත්වුණා.

පසුගිය ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවති Sri Lankan National Age Group Championships පිහිණුම් තරගාවලියදී වයස අවුරුදු 17 න් පහළ මීටර් 800 ඉසව්වේ 03 වන ස්ථානය දිනාගනු ලැබුවේද තරුෂ විසිනුයි.

මීටර් 1500 පිහිණුම් ඉසව්වෙන්ද ඔහු පදක්කමක් දිනා ගැනීමට සමත්වුණා.

ලබන වසරේ පැවැත්වෙන Australian Open Water Championships සඳහාද ඔහු මේ වනවිට සුදුසුකම් ලබා තිබෙනවා.

එහිදී කිලෝමීටර් 05 සහ 7.5 යන ඉසව් දෙකටම තරග කිරීමටයි තරුෂ සුදානමින් පසුවන්නේ.

එහිදීත් ඉහළ ජයග්‍රහණයන් අත්කර ගැනීමට ඔහුට හැකිවේවායි AusLanka TV වෙතින් සුබ පැතුම්.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »