Search

ටස්මේනියා හෙද සහ පවුල් සෞඛ්‍ය සේවක සේවිකාවන් හට 15% ක වැටුප් වැඩි කිරීමක්

ටස්මේනියා ප්‍රාන්තයේ හෙද සහ පවුල් සෞඛ්‍ය සේවක සේවිකාවන් හට ලබන දෙසැම්බර් පළමුවන දා සිට වැටුප් වැඩි කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

අදාළ වැටුප් වැඩි කිරීම වසර තුනක කාලයක් සදහා වලංගු වන අතර සියයට 15 ක් දක්වා වැටුප් වැඩිවීමක් සිදුවනු ඇති.

ඒ අනුව ඩොලර් 1,500 ක මූලික වැටුප් වැඩිවීමක් සහ ඩොලර් 1,000 ක ජීවන වියදම් ගෙවීමක් ගෙවීමටයි සැලසුම් කර ඇත්තේ.

සති අන්ත සේවා මුර සඳහා අමතර දීමනා මෙන්ම උපාධි මට්ටම ඉක්මවා සුදුසුකම් සහිත හෙද නිලධාරීන් සදහා විශේෂ වරප්‍රසාද හිමිවන අතර ඔවුන්ගේ වැටුප් පරිමා ද ඉහළ යනු ඇති.

වැටුප් වැඩිවීමට අදාළ නව සේවා කොන්දේසි 2026 වසරේ ජුලි පළමුවනදායින් අවසන් වීමට නියමිතයි.

හෙද වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මෙලෙස වැටුප් වැඩීවිම දැනට පවතින සේවා පුරප්පාඩු 500 ත් 1,000 ත් අතර සංඛ්‍යාවක් සම්පූරණ කිරීම ඇතුලූ හෙද සේවයේ සාධනීය වෙනස්කම් රැසක් ඇති කිරීමට හේතු වන බවයි.

ටස්මේනියානු ප්‍රාන්තයේ හෙද වෘත්තිකයින්ගේ රැකියා තෘප්තිය වැඩි කරමින් අදාළ සේවා සදහා ඉල්ලූම් කරන්නන් වෙත අවශ්‍ය පහසුකම් මෙන්ම පුහුණුව ලබා දීම අරමුණ බව ප්‍රාන්ත බලධාරීන් අවධාරණය කර තිබෙනවා.

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »