
කාර්යාල වල සේවයේ නියුතු ඔස්ට්‍රේලියානුවන් සේවය සඳහා කාර්යාල වෙත වාර්තා කිරීමේ වැඩිම කැමැත්තක් දක්වන දිනය සිකුරාදා බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
එමෙන්ම බහුතර දින ගණනක් නිවසේ සිට වැඩ කරන ඔස්ට්‍රේලියානුවන් අතුරින් වැඩිම පිරිසක් කාර්යාලයට පැමිණීමට වෙන් කර ඇත්තේ ද සිකුරාදා දිනය වීම විශේෂත්වයක්.
රැකියා සදහා පිටත්ව යන පුද්ගලයින් 1029 ක් සහ ඔවුන් යොදා ගන්නා ප්‍රවාහන මාධ්‍ය උපයෝගි කරගනිමින් අදාළ සමීක්ෂණය සිදුකර තිබුණා.

ඒ අනුව සති අන්තය තුළ නිවසේ සිට වැඩ කිරීමේ ප්‍රියතාව පුද්ගලයින් තුල අවම වී ඇති බවයි තහවුරු වන්නේ.
සමීක්ෂකයින් පෙන්වා දෙන්නේ පුද්ගලයින් සිකුරාදා දින කාර්යාල වෙත පැමිණීම සඳහා බලපාන කරුණු රැසක් බලපාන බවයි.

සිකුරාදා දිනවල පස්වරුවේ මිතුරන් සමග සුහද හමු පැවැත්වීම එයින් ප්‍රමුඛතම කරුණ වී තිබෙනවා.
එමෙන්ම සති අන්තයේ පවතින විවිධ ක්‍රියාකාරකම් හා සාප්පු සංකීර්ණ වෙත ප්‍රවේශවීමට කාලය වෙන් කරගැනීමට හැකිවීම ද මේ සදහා බලපානු ඇති.
විශේෂයෙන් කොවිඩ් වසංගත කාලය තුළ ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් නිවසේ සිට වැඩ කිරීමට පෙළඹි අතර තවමත් මෙල්බන් නගරයේ සේවය කරන්නන් සතියකට දින 02 ක් පමණ නිවසේ සිට වැඩ කරන බවයි අනාවරණය වන්නේ.