ඔස්ට්‍රේලියානු පරිශීලකයින් සදහා පැවති ජනප්‍රියම Netflix පැකේජය අහෝසියි

ඔස්ට්‍රේලියානු පරිශීලකයින් සදහා පැවති වෙළඳ දැන්වීම් රහිත ලාභදායිම පැකේජය අහෝසි කිරීමට සුප්‍රකට Netflix සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මසකට ඩොලර් 10.99 ක මුදලක් ගෙවා ලබාගත හැකිව තිබූ පැකේජය මින් ඉදිරියට අලෙවි කෙරෙන්නේ නැහැ.

කෙසේවෙතත් දැනටමත් එම පැකේජයට ලියාපදිංචි වී ඇති ග්‍රාහකයන්ට මෙමගින් බලපෑමක් එල්ල නොවනු ඇති.

දැනට ඔස්ට්‍රේලියානු පරිශිලකයින් සදහා පවතින අඩුම පිරිවැය සහිත Netflix පැකේජය සඳහා මසකට ඩොලර් 6.99 ක මුදලක් ගෙවීමට සිදුවන අතර එය වෙළඳ දැන්වීම් සහිත පැකේජයක් වනවා.

ඊට අමතරව ලබා ගන්නා පැකේජ අනුව ඩොලර් 16.99 සහ ඩොලර් 22.99 පැකේජ ද Netflix සතුව පවතිනවා.

එක්සත් ජනපදය, බි්‍රතාන්‍ය, ඉතාලිය සහ කැනඩාව ඇතුලු රටවල් ගණනාවක ට අදාළ පහසුකම් අහෝසි කිරීමට Netflix සමාගම පියවර ගෙන ඇති අතර ඉදිරියේ දී ජර්මනිය, ස්පාඤ්ඤය, ජපානය, මෙක්සිකෝව සහ බ්‍රසීලය යන රටවල් තුල ද සිදු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »