ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට ඔබ්බෙන්වු වෙරළබඩ කලාපය තුළ සුළි කුණාටු තත්වයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට ඔබ්බෙන්වු වෙරළබඩ කලාපය තුළ සුළි කුණාටු තත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව කාළගුණ අංශ අනතුරු අගවා තිබෙනවා.

සොලමන් දූපත් හා නැගෙනහිරින් මුහුදු තීරයේ වූ අඩු පීඩන තත්වය මේ සදහා බලපෑම් එල්ල කරන බවයි වාර්තා වන්නේ.

ඉදිරි සතිය තුළ සුළිකුණාටුවේ බලපෑම ඔස්ටේ්‍රලියාවේ ඊසාන දිග ප්‍රදේශ වෙත ගමන් කරන බව කාලගුණ අංශ දැනුම් දී ඇති අතර එහි බලපෑම අවම වන බව සදහන්.

සාමාන්‍යයෙන් නිවර්තන සුළි කුණාටු තත්වය නොවැම්බර් මස මුල් කාලයේ සිට අප්‍රේල් දක්වා පවතින අතර වසරේ ඕනෑම කාලයක දී එම තත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවයි කාලගුණ අංශ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

ඒ අනුව සුළි කුණාටු තත්වයන්ගේ වර්ධනයක් ඉදිරි සතිය තුළ අපේක්ෂා කළ ද එමගින් ක්වීන්ස්ලන්ඩ් වැසියන්ට සිදුවන බලපෑම අවම බවයි වාර්තා වන්නේ.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »