
මෙවර ග්‍රීෂ්ම සෘතුව ඉලක්ක කල පළමු මගී ප්‍රවාහන නෞකාව අද සිඩ්නි වරායට පැමිණ තිබෙනවා.
මගීන් 2,800 කට අධික පිරිසක් හවායි දූපත් සිට එයින් පැමිණි බව සඳහන්.
මෙවර ග්‍රීෂ්ම සෘතුව සඳහා නෞකා සමාගම් 27 ක නෞකා 70 ක් පමණ ඔස්ටේ්‍රලියාවට පැමිණීමට නියමිත බවයි පැවසෙන්නේ.

එය 2019ු20 වසරට වඩා සියයට 18 ක ඉහළයාමක්.
ඩොලර් බිලියන 05 ක පමණ ආදායමක් එහිදී අපේක්ෂා කෙරෙනවා.

වැඩිම නෞකා සංඛ්‍යාවක් පැමිණෙනු ඇති බවට අපේක්ෂා කෙරෙන්නේ සිඩ්නි වරායට වන අතර මෙල්බන් සහ බ්‍රිස්බන් වරායන් වෙත ද සැළකිය යුතු නෞකා ප්‍රමාණයක් පැමිණෙනු ඇති බව සඳහන්.