ඩිජිටල් ඔරලෝසු විශේෂයක් ආපසු කැඳවයි

ඔස්ට්‍රේලියාව තුළ දී අලෙවි කරන ලද කාර්යාල තුළ භාවිත කෙරෙන ඩිජිටල් ඔරලෝසු විශේෂයක් බැටරියෙහි අනාරක්ෂිතභාවය හේතුවෙන් ආපසු කැඳවා තිබෙනවා.

මෙලෙස කැදවා ඇත්තේ 2022 ඔක්තෝබර් 03 සිට 2023 සැප්තැම්බර් 29 අතර නිශ්පාදිත ඩොලර් 24.95 ක මිලකට අලෙවි කරන ලද ඩිජිටල් ඔරලෝසු වර්ගයකුයි.

ඔරලෝසු බැටරි සවිකිරීමේ දී සපුරාලිය යුතු අනිවාර්ය ප්‍රමිතීන්ට එය අනුකූල නොවන බව පාරිභෝගික අධිකාරිය විසින් අනාවරණය කර තිබෙනවා.

මෙලෙස අනාරක්ෂිත ලෙස ඔරලෝසු බැටරිය පිහිටීම තුළින් කුඩා දරුවන්ට වන බලපෑම ඉහළ වන අතර පිළිස්සීම් මෙන්ම ජීවිත හානි පවා සිදුවිය හැකි බවයි පාරිභෝගික අධිකාරිය පෙන්වා දී ඇත්තේ.

අදාළ ඩිජිටල් ඔරලෝසු මිලදී ගත් පාරිභෝගිකයින් එම ඔරලෝසු භාවිතයෙන් ඉවත් කරන ලෙස අදාළ සමාගම පාරිභෝගිකයින් වෙත දැනුම් දී තිබෙනවා.

මෙම ඔරලෝසු මිලදී ගත් පාරිභෝගිකයින්ට අදාළ වෙළඳසැල් වෙත එය භාරදී මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුම ගැන තොරතුරු හෙළිවෙයි

සිඩ්නි හි නිරිතදිග ප්‍රදේශයේ දේවස්ථානයකදී බිෂොප්වරයෙකු ඇතුලු 4 දෙනෙකුට තුවාල සිදු වූ පිහි ඇනුම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »