කටාර් සෙනෙට් විමර්ශනය අවසන් – ක්වන්ටාස් හිටපු CEO ට සහනයක්

කටාර් ගුවන් සේවයට අමතර ගුවන් වාර නොදීම සම්බන්ධයෙන් පැවැත්වෙන සෙනෙට් කමිටු විමර්ශනය අවසන් කර තිබෙනවා.

ඒ අනුව එම කමිටුව හමුවේ පෙනී සිටීමට ක්වන්ටාස් හිටපු ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් ට සිදු වන්නේ නැහැ.

සෙනෙට් කමිටුවේ කාලය දීර්ඝ කිරීමටත් – ඇලන් ජොයිස් ඊට කැඳවීමටත් වන යෝජනාවට කමිටු සාමාජිකයන් අතර ඊයේ පැවති ඡන්ද විමසීමේදී එම යෝජනාව පරාජයට පත් වී තිබෙනවා.

ඒ පාලක ලේබර් පක්ෂ මන්ත්‍රීවරුන් / ග්‍රීන්ස් පක්ෂ මන්ත්‍රීවරුන් සහ ස්වාධීන මන්ත්‍රීවරුන් විසින් ඊට විරුද්ධව ඡන්දය දීමත් සමගයි.

කෙසේවෙතත් කමිටු සභාපතිනී නැෂනල්ස් පක්ෂ මන්ත්‍රීනී බ්‍රිජට් මැකෙන්සි විසින් එය දැඩිව හෙළා දැක තිබුණේ සමස්ත ඔස්ට්‍රේලියානුවන් ගැන වෙනුවට ක්වන්ටාස් සමාගම සහ එහි ප්‍රධානීන් ආරක්ෂා කර ගැනීමට පමණක් ලේබර් රජය කටයුතු කරමින් සිටින බවටයි.

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »