ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය සැප්තැම්බරයේදී 0.1% කින් පහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය සැප්තැම්බර් මාසයේදී සියයට 0.1 කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය මේ වනවිට සියයට 3.6 ක් ලෙස පවතින බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති නවතම දත්තවල දැක්වෙන්නේ.

7,000 කට ආසන්න පිරිසක් අලුතින් රැකියාවලට එකතුවීමත්, විරැකියාවෙන් පෙලුණු පිරිස 20,000 කින් පමණ අඩුවීමත් මීට මූලික හේතුව වී තිබෙනවා.

පසුගිය මාස කිහිපය පුරා නව රැකියා බිහිවීම සාධනීය ලක්ෂණයක් ලෙසයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය පෙන්වා දෙන්නේ.

විරැකියාව අඩුවීම, තවත් සති 02 කින් ප්‍රකාශයට පත් කෙරෙන මීළග පොළී අනුපාතික තීරණයට ද බලපානු ඇති.

දැනට cash rate අගය පවතින්නේ සියයට 4.1 ක් ලෙසයි.

මාධ්‍යයට හෙළි නොවූ සිඩ්නි අවට පිහි ඇනුම් ගැන තොරතුරු එළියට

ගතවූ සතියක කාලයක් තුල සිඩ්නි අවට ප්‍රදේශ කිහිපයකදී පිහි ඇනුම් 5කින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »