ආබාධිත දරුවන් නිසා පවුලම පිටුවහල් කිරීමේ නීතිවල වෙනසක්

දරුවෙකුගේ ආබාධිත තත්වයක් හෝ රෝගී ස්වභාවයක් හේතුවෙන් පවුලම පිටුවහල් කිරීමේ රෙගුලාසි සංශෝධනය කිරීමේ යෝජනාවක් ග්‍රීන්ස් පක්ෂ විසින් ඉදිරිපත් කර තිබෙනවා.

සංක්‍රමණ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් සඳහන් කලේ තාවකාලික වීසා මත සිටින පුද්ගලයන්ට ස්ථිර පදිංචිය ලබා නොදී ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමේ එවැනි නීති වෙනස් කල හැකිදැයි අධ්‍යයනය කරමින් පවතින බවයි.

එවැනි රෝගාබාධයක් ඇති එක් දරුවෙකු නඩත්තු තිරීමට වසර 10 ක් තුළදී ඔස්ට්‍රේලියානු ජනතාවගේ බදු මුදල්වලින් ඩොලර් 51,000 ක මුදලක් වැයවනු ඇතැයි උපකල්පනය කරමිනුයි වීසා ප්‍රතික්ෂේප කිරීම් සිදුකරනු ලබන්නේ.

කෙසේවෙතත් මෙම රෙගුලාසිය වෙනස් කිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරියෙකුගේ මූලිකත්වයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර පැසිෆික් රටවල පුරවැසියන්ට ඔස්ට්‍රේලියාව තුළ රැකියා කිරීම සඳහා වීසා බලපත් 3,000 ක් ලබාදීමේ වැඩපිළිවෙලට සහය පළකිරීමටද ග්‍රීන්ස් පක්ෂය තීරණය කර තිබෙනවා.

පිහි ඇනුමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් අගමැති ඇතුලු දහස් ගණනක් එක්වෙයි

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් විපතට පත් වූවන්ට ගෞරව දක්වා ඉටිපන්දම් දැල්වීමට බොන්ඩායි බීච් වෙත දහස් ගණන් ජනතාව ඊයේ පස්වරුවේ රැස්ව සිටියා.

Read More »

මාධ්‍යයට හෙළි නොවූ සිඩ්නි අවට පිහි ඇනුම් ගැන තොරතුරු එළියට

ගතවූ සතියක කාලයක් තුල සිඩ්නි අවට ප්‍රදේශ කිහිපයකදී පිහි ඇනුම් 5කින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »