කල් ගතවී අඩු දරුවන් ලැබීමට ඔස්ට්‍රේලියානුවන් තුළ නව ප්‍රවණතාවයක්

කල් ගතවී මව්පියන් බවට පත්වීමටත් සංඛ්‍යාත්මකව අඩු දරුවන් ගණනක් ලැබීමටත් ඔස්ට්‍රේලියානුවන් තුළ නව ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව අනාවරණය වී තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති නවතම දත්ත අනුව පෙනී යන්නේ ජීවන වියදම – නව නිවසකට යොමුවීම – පූර්ණ කාලීන රැකියාවක් සොයා ගැනීම – විවාහ වීම සහ දීර්ඝ කාලීනව එකට වාසය කිරීම වැනි සාධක ඊට බලපා ඇති බවයි.

පසුගිය වසරේදී මෙරටදී සිදුව ඇති දරු උපත් අතුරින් සියයට 60 ක්ම සිදුකර ඇත්තේ වයස අවුරුදු 30 ත් 39 ත් අතර වියෙහි පසුවූ කාන්තාවන් විසිනුයි.

එමෙන්ම 2021 වසරට වඩා 2022 වසරේදී එක් මවකට සිටින දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගයද සැළකිය යුතු අගයකින් පහළ ගොස් තිබෙනවා.

1991 වසරේදී කාන්තාවන් 1000 කට දරු උපත් 22.1 ක් සටහන්ව තිබූ නමුත් පසුගිය වසරේදී එය කාන්තාවන් 1000 කට දරු උපත් 6.8 ක් වැනි පහළ අගයකටයි පත්වී ඇත්තේ.

කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බදුවලින් නිදහස් කරන්නැයි ඉල්ලීම්

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා සඳහා බදු මුදල් අය කිරීම සාධාරණ නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

Read More »

අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

Read More »

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »