NSW ජාත්‍යන්තර සිසුන් ඉලක්ක කල ව්‍යාජ පැහැරගැනීම් ජාවාරමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් ඉලක්ක කරගනිමින් අන්තරජාලය ඔස්සේ සිදුකරනු ලබන ව්‍යාජ පැහැරගැනීම් අනගුරු ඇගවීම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ප්‍රාන්ත පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පැහැර ගැනීම් සම්බන්ධයෙන් වන ව්‍යාජ ඇමතුම් සහ පණිවිඩ සඳහා මුදල් ලබාදීම් වැනි ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට යෑමෙන් වලකින ලෙසයි පොලීසිය අනතුරු අගවා ඇත්තේ.

වංචනිකයින් අදාළ සිසුන්ගේ දෙමාපියන් සහ හිතමිතුරන් ඉලක්ක කරගනිමින් තම ළමුන් පැහැර ගෙන ඇති බව පවසමින් කප්පම් ලබා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

ඔක්තෝබර් මස මුල් දින කිහිපය තුල පමණක් මෙවැනි සිදුවීම් 03 ක් වාර්තා වී ඇති අතර ජනතාව මේ පිළිබද අවධානයෙන් පසුවීම වැදගත් බව පොලීසිය පවසනවා.

අදාළ කප්පම් කරුවන් චීන මැන්ඩරින් භාෂාවෙන් කතා කරන අතර අදාළ වංචනිකයින් චීන නිලධාරීන් ලෙස පෙනී සිටින බවද සදහන්.

ව්‍යාජ ලෙස පැහැර ගැනීමට ලක්කලේ යැයි පැවසෙන සිසුන් යම් අපරාධයකට සම්බන්ධ ලෙස පවසමින් අත්අඩංගුවට ගැනීම් හා පිටුවහල් කිරීම් වැලැක්වීම සදහා කප්පම් ඉල්ලන බවයි අනාවරණය වී ඇත්තේ.

අන්තර්ජාලය ඔස්සේ සිදුකරනු ලබන මෙවැනි ව්‍යාජ පැහැරගැනීම් වලට අදාළ සංවිධානාත්මක අපරාධවල වාර්ධනයක් පසුගිය දශකය පුරාම පෙන්නුම් කරන බව නිව් සවුත් වේල්ස් පොලීස් අංශ වැඩිදුරටත් පවසනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »