වසරකදී මෙරට බැංකු ශාඛා 424 ක් වැසේ / ගතවූ වසර 05 තුළ ATM යන්ත්‍ර 60% කින් පහළට

ජූනි මාසයෙන් අවසන් වූ වසර තුළදී ඔස්ට්‍රේලියාව තුළ බැංකු ශාඛා 424 ක් වසා දමා ඇති බව නවතම වාර්තාවකින් හෙළිව තිබෙනවා.

ඒ අතරට ප්‍රදේශවල බැංකූ ශාඛා 122 ක් ඇතුලත් වන අතර ප්‍රධාන නගරවලින් පිටත බැංකු ශාඛා වලින් සියයට 07 ක් මේ වන විටත් වැසී ඇති බව සඳහන්.

2017 වසරේ සිට මේ දක්වා රට තුළ සමස්ත බැංකු ශාඛා අතුරින් 1/3 ක් වැසී ඇති බවයි නවතම සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

පසුගිය වසරේ ජුනි 30 දක්වා මාස 12 ක කාලය තුළ මුදල් ආපසු ගැනීම සදහා ස්ථාපිත ATM යන්ත්‍ර ප්‍රමාණය සියයට 11 කින් පහත වැටී ඇති අතර cash machine යන්ත්‍ර 700 ක් පමණ භාවිතයෙන් ඉවත් තර ඇති බවයි වාර්තා වන්නේ.

ගතවූ වසර 05 තුළදී ATM යන්ත්‍ර සංඛ්‍යාව සියයට 60 කින් අඩුවී ඇති අතර දැනට රට පුරා භාවිතයේ ඇති ATM යන්ත්‍ර සංඛ්‍යාව 6000 කටත් වඩා අඩු අගයක් ගැනීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාව තුළ ප්‍රාදේශීය බැංකු ශාඛා වසා දැමීම් පිළිබඳ සෙනෙට් පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති අතර එහි අවසන් වාර්තාව ලබන වසරේ මැයි මස නිකුත්වීමට නියමිතයි.

අධික වියදම හා පාරිභෝගිකයින්ගේ ඉල්ලූම වෙනස්වීම හමුවේ මෙලෙස ප්‍රාදේශිය බැංකු සේවා වසා දැමීමට පියවර ගත් බවයි සෙනෙට් විමර්ශනය හමුවේ පෙනී සිටිමින් ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන පෙළේ බැංකුවල විධායක නිලධාරීන් පවසා ඇත්තේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »