කැන්බරා නාගරික කලාපයේ ගස් වලට හානි කරන පුද්ගලයින්ට $ 80,000 ක දඩයක්

කැන්බරා හි නාගරික කලාපය තුළ සිටුවා ඇති ගස් වලට හානි කරන පුද්ගලයින්ට ලබන ජනවාරි පළමුවන දා සිට ඩොලර් 80,000 ක දඩයක් නියම කිරීමට ACT ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

අයහපත් කාලගුණය – කාර්ය මණ්ඩල හිගය සහ නීති විරෝධී ලෙස ගස් කැපීම ඇතුලූ හේතූ මුල් කරගනිමින් නාගරීක වනාන්තර ව්‍යාප්තිය මන්දගාමී වී ඇති බවයි වාර්තා වන්නේ.

2045 වසර වන විට ප්‍රාන්තය පුරා රාජ්‍ය මෙන්ම පෞද්ගලික ඉඩම් මුල් කරගනිමින් සියයට 30 ක් ආවරණය වන පරිදි ගස් සිටුවීම ACT රජයේ අරමුණයි.

පසුගිය වසර තුළ ප්‍රාන්තය පුරා සිටුවීමට අපේක්ෂිත ගස් ප්‍රමාණයට වඩා ගස් 5,350 ක් අඩුවෙන් සිටුවා ඇති අතර එම අගය අපේක්ෂිත ඉලක්කයට වඩා සියයට 30 ක අඩුවක් ලෙසයි සටහන්ව ඇත්තේ.

නගර ආශ්‍රිත වාහන ගාල් කිරීම සදහා නීති විරෝධි ලෙස ගස් කපා ඉවත් කිරීම සහ නිවාස ආශ්‍රිත පිහිටි ගස්වලට හිතා මතා හානි කිරීම හේතුවෙන් නාගරික කලාපීය වනාන්තර තර්ජනයට ලක්ව ඇති බව පරිසරවේදීන් පවසනවා.

නීති විරෝධී ලෙස ගස් කපා ඇති ස්ථාන හා ප්‍රදේශ පිළිබද නිවැරදි තොරතුරු මෙතෙක් අනාවරණය කර නොමැතිවීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශව පාරිසරික කොමිසම වෙතයි චෝදනා ඉදිරිපත් කර ඇත්තේ.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »