Search

ඇලන් ජොයිස් සෙනෙට් කමිටුවට කැඳවන්නේද නැතිද තීරණයට ඡන්ද විමසීමක්

සෙනෙට් විමර්ශනය සඳහා ක්වන්ටාස් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් කැඳවන්නේද නැතිද යන්න තීරණය කිරීමට ඡන්ද විමසීමක් පැවැත්වීමට සෙනෙට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ධූරයෙන් ඉවත්විමෙන් මාස දෙකකට පසු ඇලන් ජොයිස් අයර්ලන්තයේ පිහිටි සිය මවගේ නිවසේ සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.

ඒ අමතර ගුවන් සේවා සඳහා කටාර් ගුවන් සේවයේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට අදාළව සිදුකෙරෙන සෙනෙට් විමර්ශනය සදහා පෙනීසිටීමට කල දැනුම්දීම ඇලන් ජොයිස් විසින් දිගින් දිගටම ප්‍රතික්ශේප කර ඇති පසුබිමකදීයි.

සෙනෙට් සභික බ්‍රිජට් මැකෙන්සි ඇතුලූ පොදු රාජ්‍ය මණ්ඩලීය ද්විපාර්ශ්වික ගුවන් සේවා කමිටු ප්‍රධානීන් සදහන් කර ඇත්තේ ක්වන්ටාස් හිටපු ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් ගේ ධූරකාලය තුල පැවති ගැටලූ රැසක් හසුනාගෙන ඇති අතර එම ගැටලූ විමර්ශණය කිරීම සිදු කල යුතු බවයි.

අමතර ගුවන්වාර ප්‍රතික්ෂේප කිරීම, කාර්ය මණ්ඩලය සේවයෙන් පහ කිරීම සහ කොවිඩ් වසංගත හමුවේ අවලංගු කෙරුණු ගුවන් ගමන් සඳහා ඩොලර් මිලියන 500 කට ආසන්න මුදලක් ආපසු නොගෙවීම ඇතුලූ චෝදනා රැසක් ඒ අතර වනවා.

මෙවැනි චෝදනා වලට පක්වු පුද්ගලයකු තවමත් සෙනෙට් විමර්ශණ සදහා කැදවීම ප්‍රමාද කරන්නේ මන්දැයි බොහෝ පාර්ශව ෆෙඩරල් රජයට චෝදනා එල්ල කරන බවයි වාර්තා වන්නේ.

Auslankatv Today’s Top Stories.2024.10.06

වැරදි පුරුදු නිසා ඔස්ට්‍රේලියා තරුණයන්ට රැකියා අහිමි වීමේ අවදානමක් පිළිකා ඇති ඔස්ට්‍රේලියානුවන්ට මෙල්බන්වලින් සුබ ආරංචියක් මෙල්බන්වලදී ශ්‍රී ලාංකිකයෙකුගේ මෝටර් රථයක් පැහැරගනී ඔක්තෝබර් මාසයේ Long Weekend

Read More »

ඔස්ට්‍රේලියාවේ මාරක මකුළුවෙකුගේ විෂ මගින් හෘද රෝගීන්ට ප්‍රතිකාරයක්

ඔස්ට්‍රේලියාවේ මාරාන්තික මකුළුවෙකුගේ විෂ භාවිතා කර හෘද රෝගීන් සඳහා ඖෂධයක් නිපදවීමට මෙරට විශේෂඥයන් පිරිසක් සමත්ව තිබෙනවා.

Read More »

ජීවිත දෙකක් නැති කළ වික්ටෝරියා ප්‍රාන්තයේ අනතුර

වික්ටෝරියා ප්‍රාන්තයේ ටුබුට් (Tubbut) ප්‍රදේශයේ බගී (buggy) රථයක් අනතුරට ලක්වීමෙන් කුඩා දරුවෙක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »