Halloween සැරසිල්ලකට මිනී ඔලු ගත්තැයි සිඩ්නි වෙළඳ සංකීර්ණයකට චෝදනා

ලබන 31 වනදාට යෙදී ඇති හැලොවීන් දිනය වෙනුවෙන් සිදුකර ඇති සැරසිලි සම්බන්ධයෙන් සිඩ්නි නුවර ප්‍රසිද්ධ සුපිරි වෙළඳ සංකීර්ණයකට චෝදනා එල්ල වනවා.

සැබෑ මිනිස් හිස් කබල් සහ ඇටකටු යොදා ගෙන ඇති බවටයි ඔවුන්ට විශාල පිරිසක් දෝෂාරෝපණය කර ඇත්තේ.

විශේෂයෙන් කුඩා ළමුන් සහ සංවේදී පුද්ගලයන්ට මෙවැනි දසුන් දැකීම සුදුසු නොවන බවයි බොහෝ පිරිසක් අවධාරණය කර ඇත්තේ.

එමෙන්ම අදාළ ක්‍රියාවේ වරදක් නොමැති බවටද තවත් පිරිසක් අදහස් දක්වා තිබෙනවා.

කෙසේවෙතත් එල්ල වන බලපෑම් හමුවේ අදාළ මිනිස් හිස් කබල් සහ ඇටකටු එම ස්ථානවලින් ඉවත් කිරීමටයි සිඩ්නි නුවර ප්‍රසිද්ධ සුපිරි වෙළඳ සංකීර්ණය විසින් පියවර ගෙන ඇත්තේ.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »