Search

මැද පෙරදිග අවධානම් ප්‍රදේශවල ඔස්ට්‍රේලියානුවන්ට වහා ඉවත් වන්නැයි දන්වයි

මැද පෙරදිග ඕනෑම රටක අවධානම් ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට වහා ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන්නැයි ෆෙඩරල් රජය විසින් දැනුම් දී තිබෙනවා.

ස්වදේශ කටයුතු ඇමතිනී ක්ලෙයාර් ඔ-නිල් අවධාරණය කරන්නේ කලාපයේ වාතාවරණය දිනෙන් දිනම අයහපත් අතට හැරෙමින් ඇති බවයි.

ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 500 කට වැඩි පිරිසක් මියයාමෙන් අනතුරුවයි අමාත්‍යවරිය විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.

ආසන්නම ගුවන් වාරය භාවිත කර අනතුරුදායක කලාපවලින් ඉවත් වන ලෙසටයි මැද පෙරදිග අවධානම් කලාපවල සිටින ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

ගාසා තීරයේ තවදුරටත් රැඳී සිටින ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 45 ක් ලෙසටයි ගණන් බලා ඇත්තේ.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »