Search

ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කල Rolls-Royce මෝටර් රථ කිහිපයක් ආපසු කැඳවයි

ඔස්ට්‍රේලියාව තුළ දී අලෙවි කරන ලද රෝල්ස් රොයිස් වර්ගයේ අධි සුඛෝපභෝගී මෝටර් රථ 39 ක් බාහිර දෝෂ හේතුවෙන් ආපසු කැඳවා තිබෙනවා

මෙලෙස කැදවා ඇත්තේ 2019 සහ 2023 වසර අතර ඩොලර් 650,000 ක මිල පරාසයක් යටතේ අලෙවි කරන ලද Rolls-Royce Ghost, Ghost Extended Wheelbase, and Ghost Black Badge යන මාදිලි 03 ක මෝටර් රථයි.

ධාවනය අතර තුර අදාළ මෝටර් රථවල වීදුරු කොටස් කැඩී යෑම ප්‍රධාන දෝෂයක් ලෙස හඳුනාගෙන ඇති අතර දෝෂ සහිත වාහන හදුනා ගැනීම සදහා අදාළ වාහන අංක සහිත ලැයිස්තුවක් ද අන්තර්ජාලය වෙත යොමු කර තිබෙනවා

වීදුරු කොටස් කැඩී විසිවී යෑමෙන් බරපතල අනතුරු සිදුවිය හැකි බව නිරීක්ෂණය වීමෙන් අනතුරු අදාළ මෝටර් රථ ආපසු කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

අදාළ මෝටර් රථ හිමිකරුවන් සදහා නොමිලේ වාහන පරික්ෂාවක් මෙන්ම අලුත්වැඩියා කටයුතු සදහා රෝල්ස් රොයිස් අලෙවි නියෝජිතයින් හා සම්බන්ධ වන ලෙසයි දැනුම් දී ඇත්තේ.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »