
ස්වදේශික ළමුන් අපයෝජනයට ලක්වීම සම්බන්ධව සොයා බැලීම සදහා රාජකීය කොමිසමක් පත් කිරීමට අදාළව ඡායා කැබිනෙට්ටුවේ ස්වදේශීය කටයුතු අමාත්‍ය ජසින්ටා ප්‍රයිස් ඉදිරිපත් කළ යෝජනාව පරාජය වී තිබෙනවා.
සිය ෆෙස්බුක් ගිණුමට විඩියෝවක් එක් කරමින් ජසින්ටා ප්‍රයිස් කියා සිටියේ මෙවැනි යෝජනාවක් ප්‍රතික්ශේප කිරීමට ලේබර් රජය ගත් තීරණය සමබන්ධයෙන් කළකිරීමට පත්ව ඇති බවයි.
කෙසේ වෙතත් අපයෝජනයට ලක්වු ස්වදේශික ළමුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් තමන් අඛණ්ඩව පෙනී සිටින බව ජසින්ටා ප්‍රයිස් එහිදි වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

ඉදිරියේ දී ස්වදේශික ළමුන් අපයෝජනයට ලක්වීම පාලනය කිරීම සම්බන්ධයෙන් රජයේ වැඩපිළිවෙළ කෙසේ ද යන්න ඇය විසින් ප්‍රශ්න කර තිබීම විශේෂත්වයක්.
ස්වදේශික හඩ ජනමත විචාරණයට පක්ෂව ඡන්දය පල කළ පිරිස් මේ සදහා පෙළ ගැසිය යුතු අතර රාජකීය කොමිසමක් පත්කිරීමට අදාළ යෝජනාව සම්මත කිරීමට සියලූ පාර්ශවයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි ඡායා අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර පසුගිය සෙනසුරාදා ස්වදේශික හඩ ජනමත විචාරණය පරාජය වීමත් සමග ස්වදේශීක ජනයා වෙනුවෙන් රජයේ ව්‍යාපෘතිවල වියදම් පිළිබද විගණන වාර්තාවක් ද ඡායා කැබිනෙට්ටුවේ ස්වදේශීය කටයුතු අමාත්‍ය ජසින්ටා ප්‍රයිස් විසින් ඉල්ලා තිබෙනවා.