ප්‍රසිද්ධියේ නාසි සංකේත ප්‍රදර්ශනය තහනම් නීති වික්ටෝරියා පාර්ලිමේන්තුවේදී සම්මතයි

ප්‍රසිද්ධියේ නාසි සංකේත ප්‍රදර්ශනය තහනම් කෙරෙන නීති වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරගෙන තිබෙනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී මෙම නීතිය ස්ථිරවම බලාත්මක කෙරෙනු ඇති.

අනතුරුව එම රෙගුලාසි කඩ කරන පුද්ගලයන්ට ඩොලර් 23,000 ක දඩයක් – මාස 12 ක සිර දඩුවමක් හෝ එම දඩුවම් දෙකම පැණවීමට නියමිතයි.

වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට පිරිසක් විසින් නාසි හස්ත සංඥා මුද්‍රාව නිරූපණය කරමින් විරෝධතාවයක නිරතවීමත් සමගයි වික්ටෝරියා පාලක ලේබර් පක්ෂ රජය විසින් එම සංකේත තහනම් කිරීමට අවධානය යොමු කරනු ලැබුවේ.

ඊයේ සම්මත වූ නීතියත් සමග නිවු සවුත් වේල්ස් සහ ටස්මේනියා ප්‍රාන්ත හා සමාන අයුරින් නාසි සංකේත ප්‍රදර්ශන තහනමක් වික්ටෝරියා ප්‍රාන්තය තුළද බලාත්මක වනු ඇති.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »