Search

වික්ටෝරියා විද්‍යුත් වාහන බද්ද නීති විරෝධී බවට මහාධිකරණ තීන්දුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහනවලින් අය කෙරෙන බද්ද නීති විරෝධී බවට මහාධිකරණය විසින් තීන්දුවක් ලබා දී තිබෙනවා.

විද්‍යුත් හෝ දෙමුහුන් (Hybrid) වාහනවලින් නීති විරෝධී ලෙස බදු අය කිරීමට කිසිදු ප්‍රාන්ත රජයකට අවසර නොමැති බවයි අදාළ නඩු තීන්දුවේ දැක්වෙන්නේ.

විද්‍යුත් වාහන ගමන් ගන්නා සෑම කිලෝමීටරයකටම ඩොලර් ශත 02 ක බදු මුදලක් අය කරමින් වික්ටෝරියා ප්‍රාන්තය විසින් පණවා ඇති රෙගුලාසිය අභියෝගයට ලක් කරමින් ගොණු කෙරුණු නඩුවක තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණය මේ බව සඳහන් කලා.

2027 වසර වනවිට තවත් ප්‍රාන්ත 02 ක් විසින්ද මේ හා සමාන බදු පැණවීමට නියමිතව තිබියදී මහාධිකරණය ලබාදුන් මෙම නියෝගය සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා විද්‍යුත් වාහන හිමිකරුවන් ලැබූ ජයග්‍රහණයක් බවයි පැවසෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යූත් වාහනවලින් බද්දක් අය කිරීම අසාධාරණ බවට ප්‍රාන්ත රජයේ ඔම්බුඩ්ස්මන් විමර්ශනයකදීත් පසුගියදා අනාවරණය කරගැණුනා.

ඉන්ධන භාවිත කරන වාහනවලින්, මාර්ග නඩත්තු සඳහා අය කෙරෙන බද්ද හා සමාන අය කිරීමක් මෙහිදීත් සිදුවන බවත් එය අහිතකර වායු පිටවීම් වළක්වාලීමේ උත්සාහයන් අඩපණ කරන බවත් ඔවුන් නිකුත් කර ඇති වාර්තාවක සඳහන්.

කාබන් විමෝචන ඉලක්ක සපුරා ගැනීමට විද්‍යුත් වාහන සඳහා තවත් සහන දිය යුතු වාතාවරණයකදී තවත් බදු අය කිරීම පිළිගත නොහැකි බවයි ඔම්බුඩ්ස්මන් විමර්ශනයේ දක්වා තිබුණේ.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »