
වික්ටෝරියා ප්‍රාන්තයේ කිරි නිෂ්පාදන කර්මාන්තයේ නිරත සේවකයන් 1,400 ක් පමණ පැය 48 ක වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
වැටුප් වැඩිවීමක් ඉල්ලමින් සේවා ස්ථාන 13 ක සේවකයන් මෙලෙස වර්ජනයේ නිරත වන බව සඳහන්.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හමුවේ ඇතැම්විට ප්‍රාන්තය පුරා කිරි – බටර් සහ චීස් ඇතුලු කිරි ආශ්‍රිත නිෂ්පාදනවල හිගයක් ඉදිරි දිනවලදී අපේක්ෂා කල හැකියි.

දශක ගණනාවකට පසු වික්ටෝරියා කිරි කර්මාන්ත සේවකයන් විසින් ක්‍රියාත්මක කරනු ලබන දැවැන්තම වර්ජනය මෙය බවයි පැවසෙන්නේ.
නිසි වැටුප් නොලැබීම හමුවේ විශේෂයෙන් සුලු පරිමාණ කර්මාන්ත සේවකයන් දැඩි අසීරුතාවයකට ලක්ව සිටින බවටයි චෝදනා එල්ල වන්නේ.
