
වෘත්තීමය සහ පුහුණු අධ්‍යාපනික ක්ෂේත්‍රය වෙනුවෙන් තවත් අමතර ඩොලර් බිලියන 13 ක මුදලක් වෙන් කිරීමේ එකගතාවයකට ෆෙඩරල් රජය සහ ප්‍රාන්ත රජයන් විසින් එළැඹී තිබෙනවා.
දැනට උග්‍ර සේවක හිගයක් පවතින රැකියා ක්ෂේත්‍රවල එම හිගයන් මග හරවා ගැනීමට ඒ හරහා අවස්ථාව උදාවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
වසර 10 කට පමණ පසු ෆෙඩරල් රජය විසින් ප්‍රාන්ත රජයන් සමග මෙවැනි ගිවිසුමකට එළැඹුණු පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

වසර 05 ක කාලයක් සඳහා මෙම මුදල වෙන් කෙරෙන බවයි පුහුණු සහ නිපුණතා අමාත්‍ය බ්‍රෙන්ඩන් ඔ- කොනර් කියාසිටියේ.
උග්‍ර සේවක හිගයක් පවතින රැකියා ලැයිස්තුව වසරකට පෙර 153 ක්ව පැවතියද මේ වනවිට 286 දක්වා වැඩිවී ඇති බවයි මෙහිදී සඳන් කෙරුණේ.
