Search

හෘද රෝග සහ ඩිමෙන්ශියා රෝගය හඳුනා ගැනීමේ තවත් සලකුණක්

හෘද රෝග සහ ඩිමෙන්ශියා රෝගය හඳුනා ගැනීමේ සලකුණක් ලෙස රුධිර පීඩන උච්චාවචනය වීම හදුනාගෙන ඇති බව නවතම සමීක්ෂණයනකින් හෙළිව තිබෙනවා.

පර්යේෂකයින් පෙන්වා දෙන්නේ පැය 24 ක් තුළ / දිනපතා මෙන්ම සතිපතා මෙලෙස රුධිර පීඩනය වෙනස්වීම, හදවත් රෝගවල මූලික ලක්ෂණයක් ලෙස හඳුනාගෙන ඇති බවයි.

වයස අවුරුදු 60 සහ 80 අතර පසුවන වැඩිහිටියන් 70 ක් උපයෝගී කරගනිමින් අදාළ පර්යේෂණය සිදු කර තිබුණා.

අධි රුධිර පීඩනය – ඩිමෙන්ශියා රෝගි තත්වය සදහා අවධානම් සා’ධකයක් ලෙස පෙර සිට හදුනාගෙන ඇති අතර වයස්ගත හා දුර්වලතා සෞඛ්‍ය තත්වයක් හිමි රුධිර පීඩනය උච්චාවචනය වන පුද්ගලයින් සදහා වන බලපෑම ද ඉහළ වනු ඇති.

මේ වනවිට ඩිමෙන්ශියා රෝගී තත්වයෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන් 400,000 ක් පමණ සිටින බවට හඳුනාගෙන ඇති අතර 2058 වන විට එම අගය 850,000 ක් දක්වා ඉහළ යනු ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවා තිබෙනවා.

බොහෝ දෙනෙකු අධි රුධිර පීඩනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ ද රුධිර පීඩන උච්චාවචනය වීම කෙරෙහි වැඩි සැලකිල්ලක් නොදැක්වීම බරපතල සෞඛ්‍ය ගැටලූවක් බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »