2030 වසර වන විට ඔස්ට්‍රේලියාව මුදල් නෝට්ටු සහ කාසි භාවිතයෙන් තොර ඩිජිටල් ක්‍රමයට පමණක් ගණුදෙනු කරන සමාජයක් බවට පත්වනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.
ඩිජිටල් වොලට් – Buy Now Pay Later වැනි සේවාවන් මේ වනවිට නාගරික ප්‍රදේශවලින් බැහැර ග්‍රාමීය ප්‍රදේශවල පවා ජනප්‍රිය වෙමින් ඇති බව සඳහන්.
පහසුව සහ ක්ෂණිකව සිදුකල හැකිවීම හමුවේ ඩිජිටල් ගණුදෙනු සදහා පාරිභෝගියකින් වැඩි නැඹුරුතාවක් දක්වන බවටයි හඳුනාගෙන ඇත්තේ.
2007 වසර වනවිට මුදල් නෝට්ටු පමණක් භාවිතයෙන් සිදුකල හැකිවූ ගෙවීම් ප්‍රතිශතය සියයට 70 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එහෙත් 2022 වසර අවසානය වනවිට එම ප්‍රතිශතය සියයට 13 ක් දක්වා පහල වැටී ඇති තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 40 ක් පමණ නිවසින් පිටවීමේ දී තම මුදල් පසුම්බි හෝ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් රැගෙනයෑම සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.
ස්මාර්ට් ජංගම දුරකතන සහ ස්මාර්ට් ඔරලෝසු භාවිතයයෙන් මූල්‍යමය ගණුදෙනු සදහා ජනතාව වැඩි වශයෙන් නැඹුරු වී ඇති බව සඳහන්.
2018 දී ඩොලර් මිලියන 746 ක වටිනාකමින් යුත් ඩිජිටල් ගණුදෙනු සිදුවි ඇති අතර 2022 වනවිට එම වටිනාකම ඩොලර් බිලියන 93 ඉක්මවා ගොස් තිබෙනවා.
කෙසේවෙතත් මෙම තත්වය යටතේ රට තුළ මුදල් නෝට්ටු සහ කාසි භාවිතය කිසිසේත් තහනම් නොවන බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් කොමන්වෙල්ත් බැංකුව පුරෝකතනය කර ඇත්තේ 2026 වසර වන විට ඩීජිටල් සමාජයක් ඔස්ටේ්‍රලියාව තුළ නිර්මාණය වීමට ඉඩ ඇති අතර එමගින් ඉතා පහසු ලෙස මූල්‍යමය ගණුදෙනු සදහා පුද්ගලයින් හට අවකාශය ලැබෙන බවයි.