ඊශ්‍රායලයෙන් ඉවත් කරගනු ලැබූ පළමු ඔස්ට්‍රේලියානුවන් කණ්ඩායම මව් රටට

ඊශ්‍රායලයෙන් ඉවත් කරගනු ලැබූ පළමු ඔස්ට්‍රේලියානුවන් කණ්ඩායම මව් රටට ළගාවි තිබෙනවා.

කටාර් ගුවන් සේවයට අයත් යානයකින් 222 දෙනෙකු මෙලෙස සිඩ්නි නුවරට පැමිණ තිබුණා.

මොවුන් ටෙල් අවීව් සිට ඩුබායි දක්වා පළමුවෙන් රැගෙනවිත් තිබූ අතර කුඩා ළමුන් පිරිසක්ද මේ අතර වනවා.

මේ අතර ඊශ්‍රායලයේ සිට ලන්ඩන් නුවර දක්වා ඉවත් කරගත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක් හෙට රාත්‍රී 07 ට ක්වන්ටාස් ගුවන් යානයක් මගින් සිඩ්නි නුවරට පැමිණිමට නියමිතයි.

දැනට ඩුබායි හි රැඳී සිටින ඉතිරි පිරිසද කණ්ඩායම් වශයෙන් ඉදිරියේදී රටට ගෙන්වා ගන්නා බවයි ෆෙඩරල් රජය දන්වා සිටින්නේ.

රෝගී සැමියා අවසන් ගමන් යවන්න හැදූ බිරිඳට වැඩ වරදී

ඩිමෙන්ශියා රෝගයෙන් පෙළුණු තම සැමියා එන්නතක් ශරීර ගත කර ඝාතනයට තැත් කළ කාන්තාවක් පිළිබඳ පුවතක් බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

Read More »

තරුණයන්ට දුම් පානය කිරීමට නොහැකි වෙන නව නීතියක්

2009 වසරෙන් පසු උපත ලැබූ ඕනෑම අයෙකුට දුම්පානය තහනම් කිරීමට නීති සම්පාදනය කෙරෙන පනත් කෙටුම්පතට එක්සත් රාජධානියේ නීති සම්පාදකයින් සහාය දක්වා තිබෙනවා.

Read More »

අවුරුදු ගීතයක් විකෘති කළ රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ශුරීන්ගේ අලුත් අවුරුදු ගීතයක් විකෘත කිරීමේ චෝදනා මත සුරාබදු නිලධාරියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

තමාම නිර්මාණය කර ගත් සොහොන් බිමේ අවසන් ගමන් යන පාලිත තෙවරප්පෙරුම

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා ඔහු විසින්ම නිර්මාණය කර ගත් සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා.

Read More »

කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බදුවලින් නිදහස් කරන්නැයි ඉල්ලීම්

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා සඳහා බදු මුදල් අය කිරීම සාධාරණ නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

Read More »