වික්ටෝරියා සභිකයින්ගේ විශමාචාර විමර්ශණයට නව කොමිෂන් සභාවක්

ප්‍රාන්ත පාර්ලිමේන්තු සභිකයින්ගේ දූෂණ – අක්‍රමිකතා සහ විශමාචාර විමර්ශණය සඳහා නව කොමිෂන් සභාවක් පිහිටුවීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

ලබන වසරේ සිට බලාත්මක වන පරිදි එය පිහිටුවෙන බවයි වික්ටෝරියා අගමැතිනි ජසින්ටා ඇලන් සඳහන් කලේ.

අදාළ කොමිෂන් සභාව ස්ථාපිත කිරීමට අදාල නිර්දේශ කම්කරු පක්ෂය විසින් පසුගිය වසරේ ඉදිරිපත් කර තිබුණ ද මෙතෙක් ඒ වෙනුවෙන් කිසිදු පියවරක් ගෙන තිබුණේ නැහැ.

දිගින් දිගටම කම්කරු පක්ෂයට මේ පිළිබඳ පාර්ලිමේන්තුව තුළදී ඉල්ලීම් ලැබීමෙහි ප්‍රතිඵලයක් ලෙස ත්‍රිපුද්ගල මණ්ඩලයකින් සමන්විත කොමිෂන් සභාවක් ලබන වසරේ සිට ස්ථාපිත කිරීමට නියමිතයි.

මෙතෙක් මෙරට ප්‍රාන්ත රජයක් විසින් සිදුකරනු ලබන වැදගත්ම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණය මෙය වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

සභික කාර්යාල තුළ මහජන හිරිහැර කිරීම් හා වි’ශමාචාර සම්බන්ධ පැමිණිලි අදාළ කොමිෂන් සභාව විසින් මෙහෙයවනු අතර මහජනතාවට ද කොමිෂන් සභාව වෙත සෘජුව පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකි වීම විශේෂත්වයක්.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන ආචාර ධර්ම පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ආකාරය, රැකියා ස්ථානයේ හැසිරීම්, ලිංගික හිංසනයන් සහ පහරදීම් පිළිබද මෙම කොමිෂන් සභාව වැඩි අවධානයක් යොමු කරනු ඇති.

පොලිසියෙන් බව කියන දුරකථන ඇමතුමක් ගැන NSW ජනතාවට උපදෙසක්

නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයෙන් යැයි පවසමින් ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

Read More »

මෙල්බන් සහ සිඩ්නි අවට අඩු මුදලට නිවසක් සොයන අයට පණිවුඩයක්

සතියකට ඩොලර් 350 කට හෝ ඊට අඩු මුදලකට කුලියට ගත හැකි කුලී දේපල සහිත ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ටෙලියාවේ රැකියා කරන අයට බදු කාර්යාලයෙන් දැනුම්දීමක්

තම superannuation හැකි සෑම අවස්ථාවකම පරීක්ෂා කර බලන ලෙසට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වූවන්ගෙන් බදු කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන් දහස් ගණනකගේ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයෙකුගේ අතට

වික්ටෝරියා ප්‍රාන්ත පරිසර ආරක්ෂණ අධිකාරියේ (EPA) බාහිර සම්බන්ධතා මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් විශාල පිරිසකගේ පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයක් විසින් ලබාගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »