ඔස්ට්‍රේලියාවේ විශාලතම නගර තුනක් ආශ්‍රිතව මහල් නිවාස ඉදි කිරීමේ හැකියාව සහිත භාවිතයට නොගත් දේපල 650,000 ක් පමණ පවතින බව නවතම සමීක්ෂණයකින් හඳුනාගෙන තිබෙනවා.
මෙලෙස භාවිතයට නොගත් දේපල උපයෝගී කරගනිමින් මහල් නිවාස සෑදීමේ ප්‍රමුඛතම හැකියාවක් සහිත නගරය බවට හඳුනාගෙන ඇත්තේ සිඩ්නි නගරයයි.
ඒ අනුව සිඩිනි නගරය තුළ එවැනි මහල් නිවාස සඳහා සුදුසු දේපල 242,000 ක් ද මෙල්බන් නගරය තුළ 230,000ක දේපල ප්‍රමාණයක් සහ බ්‍රිස්බන් හි දේපල 185,000 ක් පමණ හඳුනාගෙන තිබෙනවා.
පොදු ප්‍රවාහනයට ආසන්න, රෝහල් පහසුකම් සහිත නගරබද කළාප තුළ මෙලෙස භාවිතයට නොගත් දේපල පැවතීම පුදුම සහගත බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
මෙලෙස මහල් නිවාස යෝජනා ක්‍රම මගින් කුලී නිවාස අර්බුදයෙන් පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන්ට සහන රැසක් හිමිවන අතර නිවාස හිමියන්ට අමතර ආදායමක් උපයාගැනීමට මෙන්ම දේපල සදහා නිසි වටිනාකමක් ලබා ගැනීමේ හැකියාව ද හිමිවනවා.
ඩොලර් 500,000 ක් වටිනා තනි නිවසක් හිමි පුද්ගලයකුට එය මහල් නිවාස සහිත නිවාස ඒකකයක් බවට පත් කර ගැනීමෙන් එම දේපළ වටිනාකම ඩොලර් 660,000 ක් දක්වා ඉහළ නංවා ගැනීමේ හැකියාව ද පවතිනවා.
නිවාස හිමියන් හට තම ඉඩමේ ප්‍රමාණය, එහි ව්‍යුහය, ප්‍රදේශය, අනුකුලතා තක්සේරු මගින් මහල් නිවාසයක් සඳහා අවශ්‍ය නිවැරදි කොන්දේසි සපුරා තිබේද යන්න දැනගැනීමට අදාළ සමීක්ෂණ වාර්තා උපයෝගි වනු ඇති.