
ඖෂධීය කංසා භාවිතයෙන් පසු රිය ධාවනයේදී ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.
දැනට එවැනි භාවිතයකින් පසු රිය ධාවනය ප්‍රාන්තය තුළ නීති විරෝධී ලෙසයි පවතින්නේ.
කෙසේවෙතත් ඖෂධීය කංසා භාවිතය සම්බන්ධ රෙගුලාසි ලිහිල් කිරීමට වක්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වෙමින් පවතින අතර ඊට ප්‍රථමවයි මෙම අධ්‍යයනය සිදු කිරීමට පියවර ගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියාව තුළ ඖෂධීය කංසා භාවිතය නීතිගත කල පළමු ප්‍රාන්තය බවට වික්ටෝරියාව 2016 වසරේදී පත්වුණා.
අවසන් වසර 02 තුළදී එලෙස ප්‍රතිකාර ලබාගත් රෝගීන් සංඛ්‍යාව සියයට 700 කින් ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.

ඇතැම් මානසික රෝග සඳහා එම ප්‍රතිකාර නිර්දේශ කෙරුණද එවැන්නන් රිය ධාවනයටද සුදුසුදැයි ස්ථිරවම තහවුරු කරගැනීම මෙම අධ්‍යයනයේ අරමුණ වී තිබෙනවා.