සත්‍ය සෙවීමේ කොමිසමකට අගමැතිගෙන් සාධනීය ප්‍රතිචාර

ස්වදේශික හඩ ජනමත විචාරණය පරාජය වීමත් සමග සත්‍ය සෙවීමේ කොමිසමක් පත්කිරීමේ යෝජනාවට අගමැති ඇන්තනී ඇල්බනීස් සාධනීය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

අද පැවැත්වෙන කම්කරු පක්ෂ නියෝජිත රැස්වීමට එක්වීමට පෙර ඉදිරි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ අනෙකුත් මූලිකාංග පිළිබද රජයේ ක්‍රියාකාරීත්වය තහවුරු කිරීම අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ස්වදේශීය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සඳහා වන වියදම ගණනය කරන මෙන් ඡායා කැබිනෙට්ටුවේ ස්වදේශීය කටයුතු ඇමතිනී ජසින්ටා ප්‍රයිස් ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඇය සදහන් කළේ ස්වදේශිකයින් වෙනුවෙන් නොබියව කතා කිරීමට සමත් ස්වදේශිය ආදිවාසි කාන්තාවන් කිහිප දෙනෙකුම පාර්ලිමේන්තුවේ සිටින බව සියලූ පාර්ශව තේරුම් ගත යුතු බවයි.

ජනමත විචාරණය පරාජය වුවද ස්වදේශීය ආදීවාසි ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සහ ඔවුන්ගේ ප්‍රශ්ණ වලට නිසි පිළිතුරු ලබා දීමට සුදානම් බවයි ඡායා කැබිනෙට්ටුවේ ස්වදේශීය කටයුතු ඇමතිනී ජසින්ටා ප්‍රයිස් අවධාරණය කර ඇත්තේ.

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »

ඉන්දියාවට එරෙහි තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය චරිත් අසලංකට

ඉන්දීය කණ්ඩායමට එරෙහි එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට චරිත් අසලංක නම් කර තිබෙනවා.

Read More »