ගෘහස්ථ ප්‍රචණ්ඩ සිදුවීම් රැසකට සම්බන්ධ සැකකරුවන් 421 දෙනෙකු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා සිදුකල විශේෂ වැටලීම් මාලාවකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ට එරෙහිව චෝදනා 758 ක් ගොණු කර ඇති බව සඳහන්.
මින් 109 දෙනෙකු වඩාත් දරුණුම ඝණයට අයත්වන්නන් බවයි පැවසෙන්නේ.
මෙම සැකකරුවන් සතුව තිබී මත්ද්‍රව්‍ය – ගිණි අවි සහ මුදල් විශාල ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හමුවේ පසුගිය වසර තුළදී පමණක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කාන්තාවන් 14 දෙනෙකු මරණයට පත්වි තිබුණා.
එබැවින් එවැනි වරදකරුවන්ට කිසිදු අයුරකින් සමාව දිය නොහැකි බවයි ප්‍රාන්ත බළධාරීන් සඳහන් කරන්නේ.