Search

Wallabies ප්‍රධාන පුහුණුකරු අවසන් තීරණයක් ගනී

Wallabies හෙවත් ඔස්ට්‍රේලියානු ජාතික රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තවදුරටත් කටයුතු කිරීමට එඩී ජෝන්ස් තීරණය කර තිබෙනවා.

මේ දිනවල ප්‍රංශයේදි පැවැත්වෙන රග්බි ලෝක කුසලානයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම දැක්වූ දුර්වල තරග විලාශය හමුවේ තරගාවලියෙන් ඉවත්වීමටයි ඔවුන්ට සිදුවූයේ.

එමෙන්ම මෑතකදී පැවැති තරග ගණනාවකින්ම අත්වූ පරාජයන්ද හමුවේ එඩී ජෝන්ස් පුහුණුකාර ධුරයෙන් ඉවත්වනු ඇති බවටද වාර්තා පළවුණා.

ඔහු ජපාන ජාතික රග්බි කණ්ඩායමේ පුහුණුකාර ධුරය භාරගනු ඇති බවටයි තවදුරටත් වාර්තා වූයේ.

කෙසේවෙතත් 2027 වසර දක්වා තමන් අඛණ්ඩව ඔස්ට්‍රේලියානු ජාතික රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බව එඩී ජෝන්ස් අද නිවේදනය කරනු ලැබුවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »