ඩිල්ශාන් ගෙන් අලුත්ම Dilscoop එකක්

සිය උපන්දිනයට සමගාමීව ශ්‍රී ලංකා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ටී එම් ඩිල්ශාන් විසින් අගනා කර්තව්‍යයකට මුලපුරා තිබෙනවා.

www.dilscoop.com.au ලෙසින් ඔහුගේ නිල වෙබ් අඩවිය පසුගිය 14 වෙනිදා මෙලෙස ඔස්ට්‍රේලියාවේ සිට අන්තර්ජාලයට මුදා හැරුණා.

ටී එම් ඩිල්ශාන් විසින් හඳුන්වා දෙනු ලැබූ ඔහුගේම සන්නාමයක් යටතේ ක්‍රිකට් පිති – අත් ආවරණ ඇතුලු ක්‍රීඩා උපාංග මේ හරහා මිළදී ගත හැකියි.

ඉතාම උසස් තත්වයෙන් මෙම ක්‍රිකට් උපාංග සමන්විත වීම විශේෂත්වයක්.

පළමු පෙල ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට මෙන්ම පාසල් ක්‍රීඩකයන්ට පවා ඉතා උසස් ක්‍රිකට් ක්‍රීඩා උපාංග මිළදී ගැනීමට www.dilscoop.com.au ඔස්සේ පහසුකම් සළසා තිබෙනවා.

මේ හරහා නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයන්ට කුමන හෝ සහයක් ලබාදීම සිය අරමුණ බවයි AusLanka TV වෙත අදහස් දක්වමින් ටී එම් ඩිල්ශාන් සඳහන් කලේ.

ලොව ඕනෑම ස්ථානයක සිට ඔන්ලයින් ක්‍රමයට දැනටමත් ඒවා මිළදී ගැනීමට හැකියාව පවතිනවා.

එමෙන්ම ලබන දෙසැම්බර් මාසය පමණ වනවිට ශ්‍රී ලංකාවේදීත් මෙම ක්‍රිකට් උපාංග මිළයට ගත හැකි වනු ඇති.

මීට අමතරව සිය ක්‍රිකට් ඇකඩමිය පිළිබඳ තොරතුරු මෙන්ම ඊට ඇතුළත් වීම පිළිබඳ තොරතුරුද www.dilscoop.com.au වෙබ් අඩවිය හරහා ලබාගත හැකි බවයි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ටී එම් ඩිල්ශාන් AusLanka TV වෙත අදහස් දක්වමින් සඳහන් කලේ.

වෙබ් අඩවිය මුදා හැරීමේ උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින් :

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »