ඔස්ට්‍රේලියානුවන් 45 දෙනෙකු ද ඇතුලු විදේශිකයන් පිරිසක් තවමත් ගාසා තීරයේ සිරවී සිටින බවට හෙළි කරගෙන තිබෙනවා.
ඔවුන් ඊජිප්තුව හරහා වෙනත් රටකට ගෙන්වා ගැනීමට උත්සාහ දරමින් සිටින බවයි විදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කලේ.
ඊශ්‍රායලයෙන් ඔස්ට්‍රේලියානුවන් මුදා ගැනීම සඳහා ක්‍රියාත්මක කල සියලු ගුවන් වාර අවසන් කල බව ෆෙඩරල් රජය අද නිල වශයෙන් නිවේදනය කලා.
අවසාන ගුවන් යානා 02, මගීන් 194 දෙනෙකුද සමග ඊයේ රාත්‍රියේ ටෙල් අවීව් නුවර සිට ඩුබායි දක්වා පිටත්ව ගොස් තිබුණා.
මේ අතර ගුවන් වාර 03 ක් මගින් දැනට ඩුබායි දක්වා රැගෙනවිත් සිටින ඔස්ට්‍රේලියානුවන් වෙනුවෙන් විශේෂ මානුෂීය ගුවන් වාරයක් ලබන බ්‍රහස්පතින්දා දිනයේදී ක්‍රියාත්මක කිරීමට එමිරේට්ස් ගුවන් සේවය සැළසුම් කර තිබෙනවා.
ටෙල් අවීව් සිට ලන්ඩන් දක්වා රැගෙන ආ ඔස්ට්‍රේලියානුවන් පිරිස ක්වන්ටාස් ගුවන් සේවය මගින් අද සිඩ්නි දක්වා රැගෙන ඒමටද නියමිතයි.
මේ අතර අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හෙට (18) දිනයේදී ඊශ්‍රායලයට පැමිණිමට ද නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.