පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙලට ගෝල්ඩ් කෝස්ට් සූදානම් නම් වික්ටෝරියා සහයෝගය

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීමට ගෝල්ඩ් කෝස්ට් නගරය සූදානම් නම් ඊට අවශ්‍ය සහයෝගය ලබා දිමට වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් එකගතාව පල කර තිබෙනවා.

අධික වියදම හේතුවෙතුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙහි සත්කාරකත්වය දැරීමෙන් වික්ටෝරියා ප්‍රාන්තය පසුගියදා ඉවත් වු අතර ඒ සම්බන්ධයෙන් සෙනෙට් විමර්ශණයක් ද මේ වනවිට ක්‍රියාත්මකයි.

ගෝල්ඩ් කෝස්ට් හි ක්‍රීඩා උළෙල පැවැත්වීමට අදාළ ශක්‍යතා අධ්‍යයනයක්ද මේ වන විට ආරම්භ කර ඇති බවයි නගරාධිපති ටොම් ටේට් දන්වා ඇත්තේ.

ක්‍රීඩා උළෙලෙහි මුලීක තක්සේරුව ඩොලර් බිලියන 2.6 ක් වුවද පසුව එම අගය ඩොලර් බිලියන 7 දක්වා වැඩිවීම හේතුවෙන් වික්ටෝරියා බලධාරීන් එහි සත්කාරකත්වයෙන් ඉවත්වීමටයි පියවර ගෙන ඇත්තේ.

ගෝල්ඩ් කෝස්ට් නගරය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සදහා සත්කාරකත්වයට කැමැත්ත පල කරන්නේ නම් ඊට සහය පඝ කිරීමට තවත් නගර සහ ප්‍රාන්ත ද එක්වනු ඇති බව ද මේ අතර විචාරකයින් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් ගෝල්ඩ් කෝස්ට් නගරාධිපති ටොම් ටේට් දන්වා ඇත්තේ අවම පිරිවැයක් යටතේ අදාළ ක්‍රිඩා උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »