විශ්‍රාම යෑමේදී මිලියන 05 කට ආසන්න ඔස්ට්‍රේලියානුවන් පිරිසක් එදිනෙදා වියදම් පියවා ගත නොහැකි මට්ටමකට පත්වන බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
1,000 කට ආසන්න පිරිසක් යොදාගෙන ෆයින්ඩර් ආයතනය සිදුකල සමීක්ෂණයකදී සියයට 23 කට වැඩි පිරිසක් පවසා ඇත්තේ විශ්‍රාම ගැනීමේ දි ප්‍රමාණවත් මුදලක් හෝ ආයෝජනයක් ඉතිරි කර ගැනීමට අසීරු බවයි.
අදාළ පිරිස අතුරින් සියයට 27 ක් විශ්‍රාම ගැන්වීමේ දී දැනට ඉතිරි කර ඇති මුදල් ප්‍රමාණවත් වේද යන්න පිළිබද නිශ්චිත අවබෝධයක් නොමැති බව මෙහිදී අනාවරණය වී තිබෙනවා.
මේ අතර විශ්‍රාම ගැන්වීමේ දී කාන්තාවන් වැඩි අවධානමක් පවතින බවට හඳුනාගෙන ඇති අතර පිරිමි පාර්ශවයේ සියයට 18 ක්ද – කාන්තාවන් සියයට 18 කට වැඩි ප්‍රමාණයක්ද දරිද්‍රතාවයෙන් පෙළෙන බව හදුනාගෙන තිබෙනවා.
විශ්‍රාම යන වයසේ පසුවන පිරිස් මෙලෙස දරිද්‍රතාවට පත්වීම කණගාටුවට කරුණක් බවයි ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ.
තරුණ වීයේ සිට මුදල් ඉතිරි කරගනිමින් ඉහළ විශ්‍රාම වැටුපක් හිමිකර ගැනීමට අදාළ විශ්‍රාම වැටුප් යෝජනා වෙත ජනතාව දිරිගැන්වීමට ද සැලසුම් ඉදිරිපත් කර තිබෙනවා.