වික්ටෝරියා කිරි නිෂ්පාදන සේවකයන් 1,000 ක් හෙට සිට වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වික්ටෝරියා ප්‍රාන්තයේ කිරි නිෂ්පාදන සේවකයන් 1,000 කට අධික පිරිසක් හෙට සිට වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි.

ප්‍රමුඛ පෙළේ කිරී සමාගම් කිහිපයක සේවයේ නියුතුවූවන් මෙලෙස වර්ජනයට සහය පළකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ වෘත්තීය සංගම් පෙන්වා දෙන්නේ ජීවන වියදම් හමුවේ සාධාරණ වැටුපක් ලබා දෙන ලෙස කල ඉල්ලීම බලධාරීන් ප්‍රතික්ශේප කිරීම හේතුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ග වෙත එළඹෙන බවයි.

කොවිඩ් වසංගත තත්ව හමුවේ සියයට 1.5 ක අවම වැටුප් කොන්දේසි සදහා සේවකයින් එකගවී තිබුණ ද වර්තමාන ජීවන වියදම හමුවේ තවදුරටත් අඩු වැටුප් කොන්දේසීන්ට යටත්ව සේවය කළ නොහැකි බවයි කිරි නිෂ්පාදන කර්මාන්ත සේවකයන් පෙන්වා දෙන්නේ.

උද්ධමනයට සරිලන වැටුපක් නොව සියයට 05 ක වැටුප් වැඩීවීමක් ලබා දෙන ලෙසයි සේවකයින් බලධාරීන්ගෙන් ඉල්ලූම් කර ඇත්තේ.

කිරි මිල සාපේක්ෂව ඉහළ අගයක් ගැණුන ද කිරී ගොවීන් වෙත කිසිදු සහනයක් ලැබී නොමැති බව වෘත්තීය සමිති පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් ආයතන බලධාරීන් කිසිදු ප්‍රකාශයක් ඉදිරිපත් කර නොමැති වීම ද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාව පැරදූ ඇෆ්ගනිස්ථානයට වාර්තාගත ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේදී ඔස්ට්‍රේලියාවකණ්ඩායම පරදවා ඉතිහාසගත වන ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා. Rahmanullah Gurbaz පන්දු 49කින් වේගවත් ලකුණු 60ක් ලබා ගත්තේ 4 පහර 4ක් සහ 6 පහර 4ක් ද සමගින්. Ibrahim

Read More »

T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඇෆ්ගනිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ super 8 වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

NSW පොලිසියට එරෙහිව ජනතාව තීරණයක් ගනී

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පොලිසියට එරෙහිව සාමාන්‍ය ජනතාව විසින් පැමිණිලි 26,000කට වැඩි ප්‍රමාණයක් ගොනු කර ඇති බවට නව දත්ත මගින් හෙළිවී තිබෙනවා.

Read More »