
සිඩ්නිහි දුම්රිය මාර්ග තුළට ගස් කඩා වැටීම හේතුවෙන් දුම්රිය වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා
ඒ අනුව Cabramatta සිට Granville දක්වා සහ Blacktown සිට Penrith දක්වා දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රාන්තය පුරා පැයට කිලෝමීටර 82ක වේගයෙන් සුළං හමායෑම හේතුවෙන් විශාල ගස් මෙලෙස දුම්රිය මාර්ගය වෙත කඩා වැටි තිබුණා.

අවලංගු වූ දුම්රිය වාර හේතුවෙන් මගීන් රැසක් පීඩාවට පත්ව තිබු අතර අමතර බස් රථ සේවා ධාවනයේ යෙදවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
සුළි කුණාටුවෙන් පසු අධික වර්ෂාපතණයක් ප්‍රාන්තය පුරා ඇදහැලුණු බවයි වාර්තා වන්නේ.

මේ අතර නිව් සවුත් වේල්ස් සහ නැගෙනහිර වික්ටෝරියා ප්‍රාන්ත වලට පැයට කිලෝමීටර 107 ඉක්මවු තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ අංශ අනතුරු අගවා ඇත්තේ.
ධීවර හා නාවුක ප්‍රජාව මේ පිළිබද අවධානයෙන් පසුවන ලෙස දන්වා ඇති අතර සුළි කුණාටු හමුවේ මධ්‍යම වෙරළ තීරයේ මුහුදු රළ අඩි 5ක් දක්වා ඉහළ යා හැකි බව කාළගුණ අංශ වැඩිදුරටත් දන්වා සිටිනවා.