බටහිර ඔස්ට්‍රේලියා ගිණි අවි පාලන නීති ගැන මහජන අදහස් විමසීම ඇරඹේ

බටහිර ඔස්ට්‍රේලියාව තුළ සංශෝධනය කරන ලද ගිණි අවි පාලන නීති සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එක් පුද්ගලයකු සන්තකයේ තබා ගත හැකි ගිනි අවි ප්‍රමාණය සීමා කරනු ලබන පළමු ප්‍රාන්තය බවට බටහිර ඔස්ට්‍රේලියාව පත් වීමට නියමිතයි.

විනෝදාස්වාදය සදහා දඩයමේ නියුතු වෙඩික්කරුවන් සදහා ගිනි අවි 05 ක් හිමි වන අතර වගා ආරක්ෂාව සදහා ගොවීන් වෙත හිමිවන ගිනි අවි ගණන 10 ක්.

බටහිර ඔස්ට්‍රේලියානු පොලිස් වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන් අදාළ යෝජනා ලබා දීමට මහජනතාවට අවස්ථාව හිමි වනු ඇති.

අවසර ලත් ගිණි අවි භාවිත කරන්නන් සඳහා යෝජිත වෙනස්කම් ඇතුලත් බලපත්‍ර වර්ග 08 ක් මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා.

විවිධ වෙඩි තැබීම් තරග සඳහා ඉදිරිපත්වන්නන් හට අවශ්‍යතාව මත තවත් ගිණි අවි සදහා ඉල්ලූම් කිරීමේ හැකියාව පවතිනවා.

බලපත්‍ර නොමැතිව ලග තබා ගෙන ඇති ගිනි අවි නැවත භාරදීමට පොදු සමා කාලයක් ද මහජනතාවට මේ වන විට ලබා දී තිබෙනවා.

නව බලපත් ක්‍රමය ආරම්භවීමත් සමගම බටහිර ඔස්ට්‍රේලියාවේ ගිණි අවි 13,000 ක් පමණ විනාශ කිරීමට සිදුවනු ඇති බවටද අනාවැකි පළවනවා.

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »