ඔස්ට්‍රේලියාව තුළ Uber ගාස්තු 85% ක් කින් ඉහළ යන ළකුණු

ඔන්ලයින් සේවාවල නිරත සේවකයින් සදහා අවම වැටුපක් නිර්ණය කිරීමට අදාළ නීති පාර්ලිමේතුව තුල සම්මත වුවහොත් ආහාර බෙදා හැරීම් ඇතුලූ Uber සේවා ගාස්තු සියයට 85 කින් පමණ ඉහළ යා හැකි බව Uber ඔස්ට්‍රේලියා සමාගම අනතුරු අගවා තිබෙනවා.

ඒ අනුව ටැක්සි සේවා ගාස්තු ද සියයට 40 කින් පමණ වැඩිවිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

ආහාර බෙදා හැරීම් ඇතුලු විවිධ ඩිලිවරි සේවාවල නිරත වන සුලූ පරිමාණ සේවකයින් සඳහා අවම වැටුප් කොන්දෙසි නියම කිරීමටයි කොමිසම විසින් ෆෙඩරල් රජය වෙත පසුගිය නියම කර තිබුණේ.

ඔන්ලයින් ක්‍රමය මත පදනම්ව සුලූ ව්‍යාපාර වල යෙදෙන සේවකයින් ආරක්ෂා කිරීමේ අරමුණින් සේවක වැටුප් සහ අසාධාරණ ලෙස සේවයෙන් පහකිරීම්, සේවා ප්‍රමිතීන්, දඩ අනුපාත සහ විශ්‍රාම වැටුප් සම්බන්ධ නව කොන්දේසි මාලාවක් ඊට ඇතුලත්.

විශේෂයෙන් ආහාර හා විවිධ බෙදාහැරීම් වල නියුතු සේවකයින් හට සිදුවන බලපෑම් අවම කිරීම මෙම නව නීතිවල අරමුණයි.

නව නිති ෆෙඩරල් පාර්ලිමේන්තුව විසින් සම්මත කළහොත් ලබන වසරේ ජූලි 01 දා සිට බලාත්මක වීමට නියමිතයි.

එසේ වුවහොත් අදාළ කොන්දේසි යටතේ අහාරපාන බෙදාහරින සේවකයින් සදහා තවදුරටත් ඩොලර් මිලියන 400 ක වැටුප් වැඩිවීමක් සිදුකිරීමට අදාළ ආයතනවලට සිදුවන බවයි Uber ඔස්ට්‍රේලියා ආයතනය පෙන්වා දෙන්නේ.

එම පිරිවැය මහජනතාව වෙත පැටවීමට අකමැත්තෙන් වුවද සිදුවන බවත් ඔවුන් අවධාරණය කරනවා.

අදාළ ප්‍රමිති කොන්දේසී තව දුරටත් සීමා නොකලහොත් ඉදිරියේ දී ආහාර බෙදා හැරීම් වැනි Uber සේවා තවදුරටත් අඩු විය හැකි අතර Uber රියදුරු පුරප්පාඩු කප්පාදු කිරීමට සිදුවිය හැකි බවටද අනතුරු ඇගවෙනවා.

අවම වැටුප් ප්‍රමිතීන්ට සහය දැක්වීමට තම ආයතනය සුදානම් නමුත් වැඩි පිරිවැය හේතුවෙන් අදාළ සේවා මිල තවදුරටත් ඉහළයා හැකි බවයි Uber ඔස්ට්‍රේලියා විසින් දන්වා සිටින්නේ.

මේ අතර පවතින ජීවන වියදම හමුවේ Uber රියදුරන් ලෙස ලියාපදිංචි වන පිරිසෙහි ද ඉහළයාමක් නිරීක්ෂණය වී තිබෙනවා.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »