ඩොලර් ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුත් අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 15 දෙනෙකු උතුරු වික්ටෝරියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී තවත් වර්ග කිහිපයක මත්ද්‍රව්‍ය – ඩොලර් 50,000 ක මුදලක් සහ ලැප්ටොප් පරිඝණක මෙන්ම දුරකථන ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කලේ.
සැකකරුවන් අවුරුදු 25 ත් 51 ත් අතර වන වික්ටෝරියා හි පදිංචිකරුවන් වනවා.
මොවුන්ට වසර 15 ත් ජීවිතාන්තය දක්වාත් වන සිර දඩුවම් නියම කල හැකි බවයි පැවසෙන්නේ.
මෙම ජාවාරමට සම්බන්ධ තවත් පිරිස් සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.