02 වන ජනමත විචාරණ යෝජනාව විපක්ෂය අත්හරින ළකුණු

නැවතත් ජනමත විචාරණයක් පැවැත්වීමේ අදහසින් විපක්ෂ ලිබරල් සන්ධානය ඉවත්වෙමින් සිටින බවට වාර්තා පළවනවා.

ස්වදේශික හඩ ජනමත විචාරණයේ ප්‍රචාරණ සමයේදී විපක්ෂ නායක පීටර් ඩට්න් සඳහන් කලේ කිසියම් අයුරකින් එය පරාජයට පත්වුවහොත් සිය පාලනයක් යටතේ දෙවන ජනමත විචාරණයක්ද පවත්වන බවයි.

කෙසේවෙතත් ජනමත විචාරණ පිළිබඳ ඔස්ට්‍රේලියානුවන්ගේ ස්ථාවරය මේ වනවිට ඉතා පැහැදිලි බවයි කැන්බරා නුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා අවධාරණය කලේ.

එබැවින් ලිබරල් පක්ෂ සාමාජිකයන් සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කලා.

පසුගියදා සෙනුසරාදා පැවති ස්වදේශික හඩ ජනමත විචාරණය පරාජයට පත්වූයේ ජාතික මට්ටමින් සියයට 40 කට ආසන්න ප්‍රතිශතයක් පමණක් ඊට පක්ෂවීම හේතුවෙනුයි.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »