යුධ ගැටුම් හමුවේ ඊශ්‍රායලයේ සිරවී සිටි තවත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක් ගුවන් යානා 03 ක් මගින් ඊයේ රාත්‍රියේදී ඉවත් කරගෙන තිබෙනවා.
ඒ අනුව මේ වනවිට 1,200 කට ආසන්න පිරිසක් ඉවත් කරගැනීමට හැකි වී ඇති බවයි විදේශ ඇමතිනී පෙනී වොංග් සඳහන් කලේ.
ඔස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානා 02 කින් සහ පුද්ගලික ගුවන් යානයක් මගිනුයි ඊයේ රාත්‍රියේ මෙම පිරිස ඉවත් කරගෙන ඇත්තේ.
අද දිනයේ දී තවත් ගුවන් වාරයක් ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවත් බොහෝ දුරට මෙම සතියේ අවසාන මුදා ගැනීමේ ගුවන් වාරය එය වනු ඇති බවත් විදේශ අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනයක සඳහන්.
කෙසේවෙතත් ඉදිරියේදී අවස්ථාව හිමිවන පරිදි වාණිජ ගුවන් යානා මගින් ඉතිරි ඔස්ට්‍රේලියානුවන් ද ටෙල් අවීව් සිට ඩුබායි දක්වා ඉවත් කරගැනීමට කටයුතු කරන බවයි ෆෙඩරල් රජය දන්වා සිටින්නේ.