වෘත්තීමය රැකියා සඳහා යොමුවන තරුණ ඔස්ට්‍රේලියානුවන් අතුරින් වාර්ෂිකව 16 දෙනෙකු පමණ රැකියාව අතරතුර අනතුරු හමුවේ ජීවිතක්ෂයට පත්වන බව අනාවරණය වී තිබෙනවා.
2013 – 2022 කාලසීමාවේදී වයස අවුරුදු 25 ට අඩු 163 දෙනෙකු එලෙස මරණයට පත්වි ඇති බවයි නවතම සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.
Safe Work Australia වාර්තා අනුව මාසයකට එවැනි එක් මරණයක් හෝ වාර්තා වන බව සඳහන්.
යන්ත්‍ර සූත්‍ර සම්බන්ද අනතුරු – බුල්ඩෝසර් වැනි වාහන සම්බන්ධ අනතුරු ඇතුලු හදිසි අනතුරු මීට මූලික හේතු බව සඳහන්.
මෙම මරණවලින් සියයට 90 ක් පමණ පුරුෂයන් වන බවද තහවුරු කරගෙන තිබෙනවා.
වැඩිම මරණ සිදුවන රැකියා ක්ෂේත්‍ර ලෙස Safe Work Australia හඳූනාගෙන ඇත්තේ කෘෂිකර්ම – වන සංරක්ෂණ – ධීවර – ඉදිකිරීම් සහ ගබඩා අංශයි.