
ක්වීන්ස්ලන්ඩ් හි ප්‍රාදේශීය ගුවන් සේවා කර්මාන්තයට සම්බන්ධ රැකියා 16,000 ක් පමණ ඉදිරි වසරවලදී කප්පාදු කෙරෙනු ඇති බවට අනාවැකි පළවනවා.
ගුවන් යානාවල අධික ශබ්දය පාලනය කිරීමේ අරමුණ ඇතිව ගුවන් යානා සංඛ්‍යාව සීමා කිරීමට ප්‍රාන්ත රජය සූදානම් විමයි මීට හේතුව වන්නේ.
බ්‍රිස්බන් ගුවන් තොටුපළ බළධාරීන්ට අනුව මෙම සමස්ත යෝජිත වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ඇත්තේ 2042 වසර වනවිටයි.

කෙසේවෙතත් විද්වතුන්ට අනුව මෙය ක්වීන්ස්ලන්ඩ් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවටද අනතුරු ඇගවෙනවා.
ගුවන් යානා ගාස්තු පවා මෙමගින් කැපී පෙනෙන අගයකින් ඉහළ යනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.
